සුපිර් ඉන්දීය සිනමා නළු ඉර්ෆාන් ඛාන් ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි රෝහලකදී අභවප්‍රාප්ත වී තිබේ.

බොලිවුඩඩ් මෙන්ම හොලිවුඩ් සිනමාවේද ජනප්‍රියත්වයක් හිමිකරගත් ඉර්ෆාන් ඛාන් මියයන විට 53වන වියේ පසු විය.

පසුගිය මාර්තු 06 වෙනිදා ට්විටර් පණිවිඩයක් නිකුත් කළ ඉර්ෆාන් ඛාන් තමන් “දුර්ලභ රෝගයකින්” පෙලෙන බව කියා සිටිය ද එය කුමක්දැයි සඳහන් කර නොතිබිණි.

මේ අතර මාර්තු 10 වෙනිදා ෆේස්බුක් ඔස්සේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ඉර්ෆාන් ඛාන්ගේ බිරිඳ සුතපා සික්දර් “මගේ හොඳම මිතුරා සහ මගේ හවුල්කරුවා ‘රණකාමියෙක්’ ඔහු තමන් ඉදිරියට එන සෑම බාධකයක් සමග සටන් කරන්නේ අතිශය අලංකාර ශෛලියකින්” යනුවෙන් සටහන් කර තිබිණි.

හොලිවුඩයේ මෙන්ම බොලිවුඩය ජයගත් රංගන ශිල්පියෙක් ලෙස ඉර්ෆාන් ඛාන් හැදින්විය හැකිය.

More Stories