Similar Posts
මගීන් 38ක් සමඟ ගුවන් යානයක් අතුරුදන්
මගීන් 38ක් රැගත් හමුදා ගුවන් යානාවක් අතුරුදන්වීමේ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වෙයි. බලධාරීන් විශ්වාසය පළකරන්නේ, ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැති යානාව අනතුරකට ලක්වන්නට ඇති බවයි. අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන්යානාව ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැතියේය. අතුරුදන්වූවන්ගෙන් 21දෙනෙක් මගීන් වන අතර ඔවුන් ඇන්ටාක්ටිකාවේ සේවය සඳහා යමින් සිටි පිරිසක්. ඉතිරි 17දෙනා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බව සඳහන්….
යුක්රේන සීමාවට ප්‍රහාරක හෙලිකොප්ටර් යවයි – බදාදා වන විට ආක්‍රමණයක්
රුසියාව විසින් යුක්රේනය ලබන බදාදා වන විට ආක්‍රමණය කරනු ඇතැයි අමෙරිකානු බුද්ධි අංශ කියයි. එළැඹෙන 16දා යුක්රේනයේ අගනුවර ඉලක්ක කරගනිමින් රුසියාව විසින් ප්‍රහාර මාලාවක් එල්ල කරනු ඇතැයි ද එම බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය කියයි. මේ තත්ත්වය යටතේ යුක්රේනයෙන් වහාම ඉවත් වන්නැයි බ්‍රිතාන්‍යය, යුක්රේනයේ සිටින බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ. රුසියානු ආක්‍රමණයක් පිළිබඳ භීතිය…
මෙම සියවසේ දරුණුතම යුද්ධය ආරම්භ වෙයි – රුසියාව යුක්රේන් ඉලක්ක වෙත පහර දෙයි (වීඩියෝ දසුන්)
යුක්රේනයේ නැගෙනහිර වාරය නගරයක් වන මරියපෝල්, කළු මුහුදේ වරාය නගරයක් වන ඔඩෙසා, කියෙව්, කර්කොව්, ක්රමටොස්ක් සහ බර්ඞ්යාන්ස්ක් නගරවලෙ පිපිරීම් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රුසියානු ආරක්ෂක අමාත්‍යංශය රුසියානු හමුදා විසින් පහර දෙන ඉලක්ක ප්‍රකාශයට පත් කර ඇති අතර යුක්රේන හමුදා කඳවුරු, මිසයිල ආරක්ෂණ පද්ධති,ගුවන් හමුදා කඳවුරවලට රුසියානු හමුදාවේ ඉලක්කය නොවරදින ආයුද මගින්…
අමෙරිකාවේ “Barbie”ට වියට්නාමයේදී තහනමක්
ලොව පුරා බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනූ අමෙරිකාවේ “Barbie” චිත්‍රපටයට වියට්නාමයේදී ප්‍රදර්ශනය කිරීමට තහනමක් පනවා තිබේ. දකුණු චීන මුහුදේ චීනයේ භෞමික හිමිකම් නියෝජනය කරන රේඛා කොටස් සමූහයක් වන “nine-dash line” භාවිත කරන සිතියමක් ඇතුළත් දර්ශනයක් අඩංගුවීම හේතුවෙන් චිත්‍රපටය තිරගත නොකරන බවය. රටේ ස්වෛරීත්වය උල්ලංඝනය වන බැවින් අදාළ අමෙරිකානු චිත්‍රපටිය නිකුත් කිරීමට බලපත්‍රයක් ලබානොදෙන බව වියට්නාමය ප්‍රකාශ…
වසර 116කට පසු චීනයට වාර්තාගත හිමපතනයක්
වසර 116කට පසු චීනයේ වැඩිම හිමපතනය පසුගියදා වාර්තා විය. නැගෙනහිර චීනයට ඇද හැලුණු මේ හිමපතනයෙන් එම පළාතේ අගනුවර ලෙස සැලකෙන ෂෙන්යැං නුවර සම්පූර්ණයෙන්ම වැසී ගිය බවත්, එය අඟල් විස්සක් තරම් ඝනකමකින් යුතු බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර මෙවැනි දරුණු හිමපතනයක් සිදු වී ඇත්තේ 1905 වසරේදී ෂිංහුවා ප්‍රාන්තයේ බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය….