එක්සත් ජනපදය තම පුරවැසියන්ට ඕස්ට්‍රේලියාවට යන විට වැඩි අවධානයක් යොමු කරන ලෙස අනතුරු අඟවා තිබේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඕස්ට්‍රේලියාව සඳහා වන සංචාරක උපදේශනය “දෙවන මට්ටම” දක්වා ඉහළ නංවා ඇති අතර “වැඩි ප්‍රවේශම් වන්න” යනුවෙන් අමුත්තන්ගෙන් ඉල්ලා සිටියි.

“ස්වාභාවික විපත් වල අන්තරාය පහව යන තුරුම සංචාරකයින් තම බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ගමන් කිරිම කල් තැබීම ගැන සලකා බැලිය යුතුය.” සඳහන් කර ඇත.

මෙම ලැව් ගිනි තවදුරටත් පවතිනු ඇතැයිද ගිනිවලින් සෘජුවම බලපෑමට ලක් නොවූ ප්‍රදේශවල පවා දුමාරය වාතයේ ගුණාත්මක භාවය දුර්වල කරන බවද ඒම සංචාර උපදේශනයෙන් වැඩිදුරටත් දන්වා තිබේ.

ඒබීඑස් සංඛ්‍යාලේඛනවලට අනුව සෑම වසරකම එක්සත් ජනපදයට වඩා වැඩි සංචාරකයින් සපයන්නේ චීනය සහ නවසීලන්තය පමණි. ඇමරිකානුවන් සෑම වසරකම 800,000 වාරයක් පමණ පැමිණේ.

එක්සත් ජනපදයේ දෙවන මට්ටමේ උපදේශන ඇති අනෙකුත් රටවල් අතර හොංකොං, පැපුවා නිව්ගිනියාව, ඉන්දියාව සහ චීනය මෙන්ම ත්‍රස්තවාදය තර්ජනයක් ලෙස ලැයිස්තුගත කර ඇති ප්‍රංශය සහ ඩෙන්මාර්කය ඇතුළු සමහර යුරෝපීය රටවල් ද වේ.

More Stories