අයි. එස් .අයි නායකයා ඝාතනය කිරීම සදහා ඇමරිකානු හමුදා විසින් සිදු කරන ලද ‍මෙහෙයුම කයිලා මුලර් මෙහෙයුම ලෙස නම් කළ බව ඇමරිකාව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

කයිලා මුලර් යනු සිරියාව තුළ සහන සේවයේ යෙදුන ඇමරිකානු මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන අතර ඇය සිය අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු 2012 වසරේ දී තුර්කියට ගොස් සිරියානු දේශ සීමාව තරණය කර සිවිල් යුද්ධයෙන් පලා යන පීඩනයට පත් වූ වන්ට උපකාර කිරීමේ මෙහෙයුමක නිරත විය.

සිරියාවේ ඇලෙප්පෝ හි වෛද්‍යවරුන් නොමැති රෝහලක සේවය කරමින් සිටියදී 2013 වසරේදි අයිඑස් ත්‍රස්තවාදීන් පිරිසක් විසින් පැහැර ගත් බවට කරුණු අනාවරණය විය. ඒ වන විට 26 වන වියේ පසුවුණ ඇය අයිඑස් ත්‍රස්ත නායකයා විසින් රදවා තබා ගෙන සිටි අතර වරින් වර අපයෝජනයට ද ලක්කර තිබුණි. 2015 වසරේදී ඇය ගුවන් ප්‍රහාරයකින් මිය ගියාය.

“සානුකම්පිත හා මනුෂ්‍යත්වය වෙනුවෙන් කැපවූ” අයෙකු ලෙසද හඳුන්වන කයිලා මුලර්  සම්බන්ධයෙන් 2015 පෙබරවාරියේ දී අයි එස් අයි ත්‍රස්තවාදීන් නිවේදනය කලේ ජෝර්දාන ප්‍රහාරක යානයක් ඇය රඳවා සිටි ගොඩනැගිල්ලට බෝම්බ හෙලීම නිසා  මිය ගිය බවය..කයිලා මුලර්ගේ සිරුර හෝ ඇයගේ දෙමව්පියන්ට භාර දීමට අයි එස් ත්‍රස්තයින් ක්‍රියා කළේ නැත.

.ඒහෙයින් අල් බග්දාදි ඝාතනය කිරීමේ මෙහෙයුමේ සියලුම ගෞරවය ඇයට හිමිවිය යුතු බව ඇමෙරිකා ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

More Stories