උතරු කොරියානු නායක කිම් ජොන් අන් හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් සිටින බව එරට ප්‍රධානීන් ප්‍රකාශ කර තිබෙනවා.
උතුරු කොරියානු රජය සීඑන්එන් ප්රවෘත්ති සේවයට ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් මාධ්‍ය විසින් සිය නායකයා මිය ගොස් ඇති බවට කර ඇති ප්‍රකාශ පිළිබඳ බලවත් කණගාටුව පලකරන බවයි.
උතුරු කොරියානු නායකයා දින ගණනාවක සිට අතුරුදන්ව සිටීම ලෝකයේ ප්‍රබල රටවල බලවත් සැකයකට හේතු වී ඇති අතර, ඇමරිකාව ඒ පිළිබඳ තොරතුරු සෙවීම සඳහා ඔත්තු සේවා සක්‍රිය කිරීමටද පියවර ගෙන ඇති බව විදෙස් වාර්තාවල දැක්වුණා.