වහාම ක්‍රියාත්මක වන පරිදි චීනයේ වනසතුන් මසට විකිණීම තහනම් කර ඇත. 

සර්පයින් මොනරුන් කිඹුලන් ඇතුළු තවත් බොහෝ සත්ත්ව විශේෂ ගණනාවකගේ ජීවිත බේරිමට කොරෝනා  වෛරසය සමත් වි ඇත.

මාරාන්තික කොරෝනා වර්ගයේ වෛරසය මධ්‍යම චීනයේ වුහාන් නගරයේ මුහුදු ආහාර වෙළඳපොළකින් ව්‍යාප්ත වුණු බවට සැකකෙරෙන අතර එම වෙළඳපොළේ නීති විරෝධී ලෙස වනසතුන් මසට විකුණන බවද සඳහන් වේ.

කොරෝනා වෛරසය පැතිර යාමේ සීඝ්‍රතාවය තවදුරටත් වර්ධනය වනු ඇතැයි චීන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගොස් ඇති සංඛ්‍යාව 56කි.

පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

වෛරසය පැතිර යාම පිළිබඳව මෙතෙක් කර තිබූ පරීක්ෂණවලින් කියැවුණේ, රෝගියෙකුට ආසාදනය වී සති දෙකක් පමණ කාලයක් තුළ රෝග ලක්ෂ මතුවීමත් සමග මෙය පැතිර යන බවයි.

මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනයවූවන් වාර්තා වී ඇති රටවල් වන්නේ තායිලන්තය , වියට්නාමය , සිංගප්පූරුව , ජපානය , දකුණු කොරියාව , තායිවානය , නේපාලය සහ අමෙරිකාවයි.

More Stories