india-child

අප්‍රේල් 01 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා කාලය ඇතුළත කොවිඩ් වයිරසය නිසා මව්පියන් දෙදෙනාම අහිමි වීමෙන් ඉන්දියාවේ ළමයින් 577ක් අසරණ වී සිටින බව කාන්තා සහ ළමා සුභසාධන අමාත්‍ය ස්මර්ති ඉරානි පවසයි.

කෙසේ වෙතත් මේ සංඛ්‍යාව පැහැදිලිවම අඩු තක්සේරු කිරීමක් යැයි විද්වත්හු පවසති.

මේ අතර ළමා සුභසාධනය ගැන කටයුතු කරන යුනිසෙ‍ෆ් වැනි රාජ්‍ය නොවන සංවිධාන පවසන්නේ මේ දරුවන් අනාගතයේ දී අපයෝජනයට සහ ළමා ශ්‍රම කොල්ලකෑමට ගොදුරු බවට ලක් විය හැකි බවයි.

ඇතැම් දරුවන් පවුලේ ඉතිරිව ඇති මිත්තණියන් වැනි ඥාතීන් විසින් හදා වඩා ගැනීමට යොමු වී ඇති අතර ඇතැම් දරුවන් දරුකමට හදා ගැනීමට ද ඉල්ලීම් ලැබී ඇත. කෙසේ වෙතත් පොදුවේ මේ දරුවන්ගේ අනාගතය අවිනිශ්චිත වී තිබේ.

Similar Posts