ග්‍රීසියේ දේශපාලන ඉතිහාසයේ පළමුවරට මහාධිකරණ විනිසුරුවරියක සහ දැඩි මානව හිමිකම් උපදේශකවරියක් ජනාධිපතිවරිය ලෙස තේරී පත්ව ඇත.

කැටලිනා සකලාරපුලූ නම් හැට තුන් හැවිරිදි ඇය ලබන මාර්තු මාසයේදී දිව්රුම් දීමට නියමිතව තිබේ.

ඒරට පාර්ලිමේන්තුව හමුවේ පැවැති ඡන්ද විමසීමේදි නව ජනපතිනිය ලෙස කැටලිනාගේ නම නිර්දේශ කර ඇත්තේ පාලක කන්සවේටිව් පක්ෂය මගින් වුවත්, එරට විපක්ෂයේ සහායද ඇයට හිමිව තිබේ.

එහිදී ඇයට සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 300 දෙනාගෙන් 261දෙනෙකුගේ ඡන්දය හිමිවීම විශේෂත්වයකි.

ඡන්දයෙන් අනතුරුව පාර්ලිමේන්තුව ඇමතූ අගමැති කිරියාකොස් මිට්සොටාකස් අවධාරණය ක‍ළේ නව ජනාධිපතිවරයගේ පත්වීම මගින් ග්‍රීසියට නැවුම් යුගයක් උදා කරන බවයි.

ප්‍රංශයේ දී ඉගෙනුම ලබා ඇති, නව ජනාධිපතිනී කැටලිනා වැඩි ප්‍රසිද්ධියක් අත්පත් කරගෙන සිටින්නේ, ව්‍යවස්ථා මෙන්ම පරිසර නීති විශාරදවරියක් ලෙසයි.

එමෙන්ම එරට රාජ්‍ය කවුන්සිලයේ සභාපතිනිය ලෙසින්ද ඇය කටයුතු කර තිබේ. ඒ එවන් උසස් තනතුරකට පත්වූ පළමු ග්‍රීක කාන්තාව බවට පත්වෙමිනි.

More Stories