අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ලය ලෙස මිලියන 150කට ආසන්න අමෙරිකානු පුරවැසියන් පිරිසකට බලපෑම් එල්ල කරමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවට චීනයට අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව විසින්  චෝදනා එල්ල කර ඇත.

සිද්ධිය අනාවරණය කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළ අමෙරිකානු නීතිපති විලියම් බාර් පෙන්වා දෙන්නේ අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ලය මෙය බවයි.

සැකකරුවන් සම්බන්ධ බොහෝ තොරතුරු අනාවරණය කරගෙන ඇතත් ඔවුන් දැනට රැදී සිටින ස්ථානය සොයාගැනීමට හැකිව නොමැති නිසා ඔවුන් සම්බන්ධ නඩු විභාගයක් අමෙරිකාවේදී ක්‍රියාත්මක වනු ඇත්ද යන්න සැකසහිත බවයි විදෙස් පුවත් සදහන් කරයි.

More Stories