දේශගුණික විපර්යාසවලට හේතුව කුමක්දැයි කවුරුවත් දන්නේ නැහැ‘‘ යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

දේශගුණික විපර්යාස මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන්නක්ද නැතහොත් විශ්වීය ක්‍රියාවලිය නිසා සිදුවන්නක් ද කියන්න බැහැ යැයි රුසියානු ජනාධිපතිවරයා කීවේය.

අපි දන්නවා පෘථිවියේ ඉතිහාසය. උණුසුම් කාලවකවානු තිබුණා. ඒ වගේම ශීත කාලත් තිබුණා. එය තීරණය වන්නේ විශ්වයේ ක්‍රියාවලිය මත” යැයි ද හෙතෙම කීය.

“දේශගුණික විපර්යාස ඇතිවුණේ කොහොමද කියන්න කවුරුවත් දන්නේ නැහැ” යැයි වර්ෂ අවසාන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් රුසියානු ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කළේය.

More Stories