කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඊශ්‍රායලය සති පහක් සිය පාසල් හා විශ්ව විද්‍යාල වසා දමන බව අගමැති බෙන්ජමින් නෙතන්යාහු  නිවේදනය කරයි.

අපේ‍්‍රල් 16දායින් අවසන් වන වාර්ෂික පාස්කු නිවාඩුවෙන් පසුව පාසල් වහාම වසා තබනු ඇති අතර, නව නියෝගයට බාලාංශය, හොස්ටල්, විශේෂ අධ්‍යාපන පන්ති සහ අවදානම් සහිත තරුණ තරුණියන් සඳහා වූ පාසල් ඇතුළත් නොවන බව ඊශ්‍රායල් විදෙස් පුවත් සදහන් කරයි.

ප්‍රංශය එලැඹෙන සඳුදා සිට සියලුම පෙර පාසල්, පාසල් සහ විශ්ව විද්‍යාල වසා තබන බව ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් රූපවාහිනිය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

සියවසක් තුළ රට තුළ ඇති වූ දරුණුතම සෞඛ්‍ය අර්බුදය හමුවේ මෙම තීරණය ගත් බවයි.

මෙම අර්බුදකාරී අවස්ථාවේදී ප්‍රංශයේ ආර්ථික හානිය වළක්වා ගැනීම සඳහා එරට ව්‍යාපාර සඳහා ආධාර ලබාදෙන බවද ජනාධිපතිවරයා කියා සිටියි.

 

More Stories