ලබන මස 06 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය වෙනුවෙන් සසෙක්ස් හී ආදිපාද තුමන් වන හැරී කුමරු සහභාගී වන බව බකින්හැම් මාලිගය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
කෙසේ වෙතත් මෙම රාජාභිෂේක උත්සවය සඳහා හැරී කුමරුගේ බිරිඳ වන සසෙක්ස් හී ආදීපාදවරිය වන මේගන් කුමරිය එක් නොවන බවයි තොරතුරු වාර්තා වන්නේ.
මේගන් කුමරිය ඔවුන්ගේ දරුවන් දෙදෙනා සමඟ අමෙරිකාවේ කැලිෆෝනියාහී ඔවුන්ගේ නිවසේ කල් ගත කරන බව හැරී කුමරු පවසා තිබේ.
2020 වසරේ හැරී-මේගන් යුවල සියළුම රාජකීය රාජකාරිවලින් බැහැර වූ අතර, එසේ සිදුකරනු ලැබුවේ නිහඬ දිවියක් ගත කිරීමට බවයි හැරී කුමරු පවසා තිබුණේ.