පිළිකා රෝගය පිලිබඳ දුර්මත බැහැර කරමින් පිළිකා රෝගීන් සහභාගිවූ විලාසිතා දැක්මක් පිළිබඳව ටියුනීසියාවෙන් වාර්තා විය. ටියුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව එරට සිදුවන මරණ සඳහා බලපාන දෙවන ප්‍රධානතම හේතුව වන්නේ පිළිකා රෝගයයි.

පිළිකා රෝගීන් වාර්ෂිකව එරටින් මරණ දසදහස් අටසීයක් පමණ වාර්තා වන බවත් එමෙන්ම වාර්ෂිකව ටියුනීසියානු කාන්තාවන් එක්දහස් පන්සිය දෙනෙකු පමණ පියයුරු පිළිකා රෝගයට ගොඳුරු වන බවද වාර්තා වන බවත් ටියුනීසියා මාධ්‍ය හෙළි කරයි.

මේ හේතුවෙන් පිළිකා රෝගය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහා ටියුනීසියානු සෞඛ්‍ය බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවී ඇති අතර ඒ් අනුව පිළිකා රෝගයට ගොදුරුවූ කාන්තාවන් හා දැරියන් සහභාගිවූ විලාසිතා දැක්මක් පසුගියදා ටියුනිස් අගනුවරදී පැවැත්විණි.

ප්‍රදර්ශනය අතරතුර, අලංකාර කාන්තා පිළිකා රෝගීන් අලංකාර ඇඳුම් වලින් සැරසී සිටි අතර අනුග්‍රාහකයන්ගේ දැඩි ආකර්ශණය දිනා ගත්හ. මෙම අවස්ථාවට කාන්තාවන් සහ ගැහැනු ළමයින් දස දෙනෙකු වයලීන වාදකයෙකු ඒක්ව සිටියහ. මෙම අත්දැකීම පිළිකා රෝගීන්ට පමණක් නොව මරණයට ළඟා වූ සෑම කෙනෙකුටම බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වනු ඇති බවට සැකයක් නැත.

More Stories