Similar Posts
ඉන්දියාවේ ගත වූ පැය24 දී රෝගීන් ගණන 76,000 ඉක්මවයි
ගතවු පැය 24 තුලදී ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 76,665ක් සහ මරණ 1,019ක් වාර්තා වී තිබෙනවා. එරටින් වාර්තා වන මුළු රෝගීන් සංඛ්‍යාව 34 ලක්ෂ 61,240 ක් වන අතර මරණ සංඛ්‍යාව 62,713ක් වනවා. අගෝස්තු මාසයේ ගතවූ දින 28 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 17 ඉක්මවා ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටින්නේ.
ළමයින් ලක්ෂ 6 කට වැඩි ගණනකට පෝලියෝ එන්නත
ගාසා තීරයේ රැඳී සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව එන්නත් 640,000 ලබාදීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්’තා වල දැක්වෙයි. මෙම එන්නත් ලබාදීම සදහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ද ප්‍රකාශයට පත්කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එන්නත් ලබාදීමේ වැඩසටහන ඵලදායී…
ආසියාවේ සැබෑ රෝගියා චීනයලු – අමෙරිකානු මාධ්‍යවේදීන්
අමෙරිකානු පුවත්පත් ආයතනයක් විසින් පසුගියදා ප්‍රකාශයට පත් කළ පුවත්පත් වාර්තාවකින් චීනය ආසියාවේ සැබෑ රෝගියා ලෙස හදුන්වමින් චීන රජය හෑල්ලුවට ලක් කිරීමේ සිද්ධියකට අදාලව මාධ්‍යවේදීන් තිදෙනෙකුගේ මාධ්‍ය බලපත්‍ර අහෝසි කිරීමට චීන රජය පියවර ගෙන තිබේ. පල කළ අදාල වාර්තාව පිළිබඳ චීන රජය අප්‍රසාදය පල කළ අවස්ථාවේ එම මාධ්‍යවේදීන් කණගාටුව පල කිරීමක් සිදු කර නොමැති බවත් චීන…
චීනයේ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක්
චීනයේ ෂින්ජියැන්ග් ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම ආසාදිතයින් සියලුදෙනා චීන ජාතිකයින් වන අතර ඔවුන්ට රට තුළින්ම වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, නැවත වරක් චීනය තුළ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක් හටගෙන ඇති බවට සැක පළ කෙරෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති
කොරෝනා එන්නත – වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් සාර්ථක ප්‍රතිඵල
කොරෝනා වෛරසයෙන් ලොවපුරා මියයන ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමගම වෛරසය සදහා එන්නතක් නිෂ්පාදනය කිරීමේ කටයුතු වේගත්වී තිබෙනවා. වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ඇමෙරිකානු පර්යේෂකයින් සදහන් කරනවා. මේ වනතෙක් එම වදුරන් වෛරසයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බවයි ඔවුන් පවසන්නේ.