කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නැවතත් වරක් පිය පදවිය ලබා තිබේ.
ලන්ඩන් නුවර රෝහලකදී දරු උපත සිදුව ඇති අතර බිළිඳා සහ මව දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් වාර්තා සදහන් කරයි
අවිවාහක වුවද දිගු කාලයක් තිස්සේ එක්ව වෙසෙන ජොන්සන් යුවළ, සිය ප්‍රථම දරු උපත අපේක්ෂාවෙන් පසුවන බව පසුගිය පෙබරවාරි මාසයේදී අනාවරණය කළේය.