miyanmar

මේ වන විට මියන්මාරයේ විරෝධතාකරුවන් සහ ළමුන් 470 ක් ඇතුළු 570 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි

මේ අතර මියන්මාර හමුදා පාලනයට එරෙහිව විරෝධය පළකර සිටි 22 හැවිරිදි මියන්මාර රූ රැජිණ (Miss Grand Myanmar) හැන් ලේ (Han Lay) තායිලන්තයේ පැවති Miss Grand International – 2020 තාරගාවලියට ඉදිරිපත් වූ Han Lay තරගාවලි වේදිකවේ ප්‍රකාශයක් කරමින් ලෝකවාසීන්ගෙන් ඉල්ලා සිටියේ, අත්ව ඇති ඛේදනීය ඉරණමෙන් සිය රට බේරා දෙන ලෙසයි.

ඇය වැඩිදුරටත් සදහන් කළේ ”අද මගේ රටේ ගොඩක් මිනිස්සු මැරෙනවා. කරුණාකරලා මගේ රටට උදව් කරන්න. ඉක්මනින් ම මගේ රටට ඔබේ උදව් අවශ්‍යයි. මම ගොඩක් කනගාටු වෙනවා. මගේ පවුල ගැන සහ මගේ ආරක්ෂාව ගැන මොකද මම හමුදා පාලනය ගැන ගොඩක් කතා කළා.මියන්මාරයේ හැම දෙනාම දන්නවා. එහි සිදුවන දේ ගැන කතා කිරීම පවා සීමා කරලා. මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ සිදු වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ රට සම්බන්ධයෙන් හදිසි පියවරක් ගත යුතුයි. රටට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි”

Han Lay විනාඩි 2 ක සිය ප්‍රකශය තුළ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, තම ප්‍රකාශයත් සමග තම ජීවිතය අවදානමකට ලක් වන බව දැන දැනම Miss Grand International – 2020 වේදිකාව තම මව්බිම ගැන ජාත්‍යන්තරයට කතා කිරීමට වේදිකාවක් ලෙස භාවිත කිරීමේ අධිෂ්ඨානයෙන් යුතුව තායිලන්තයට පැමිණි බවයි.

මියන්මාරය තුළ මාධ්‍යවේදීන් පවා අත්අඩංගුවේ පසුවන බවත් එම නිසා තමා රටේ තත්ත්වය ලොවට කීමට මෙය අවස්ථාවක් කර ගත් බව Han Lay වැඩිදුරටත් පැවසුවාය.

යැන්ගොං විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ සිසුවියක වන Han Lay හමුදා පාලනයට එරෙහිව යැංගොන්හි විරෝධතාවලට පවා සම්බන්ධව සිටි තරුණියකි.

Similar Posts