නව කොරෝනා වෛරසය ව්‍යාප්තියේ දෙවන රැල්ලක් නිර්මාණය වෙමින් පවතින ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ඊයේ (08) මධ්‍යම රාත්‍රී සිට සති 6 ක කාලයක් වසා දැමීමට නියමිතව තිබේ.
ගත වූ දින කිහිපය පුරා මෙල්බන් නුවර ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ නගර කිහිපයකින්ම නව ආසාදිතයින් හඳුනා ගැනුණු අතර ගත වූ පැය 24 තුළ පමණක් නව ආසාදිතයින් 134 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සඳහන් වේ.