social-media

අන්තර්ජාලය ඔස්සේ අන්තවාදය වැපීරිම මැඩැපැවැත්වීම ස`දහා නවසීලන්ත රජය ලබා දෙන ආයෝජන හා සහාය තවදුරටත් ඉහළ දැමීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ.

මීට මාස කිහිපයකට ඉහතදී නවසීලන්තයේ, ක‍්‍රයිස්ට්ච්ර්ච් නුවර ඉස්ලාම් දේවස්ථානයට එල්ල වු ත‍්‍රස්ත ප‍්‍රහාරය එම අවස්ථාවේදිම සජීවීව අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීමට එම ත‍්‍රස්තවාදියා විසින් කටයුතු කර තිබුණි. මෙය ලෝකයේ බොහෝ දෙනෙක් සංවේදි කරවන්නට සමත් විය. මේ පිලිබද අවධානය යොමු කළ නවසීලන්ත රජය අන්තර්ජලය ඔස්සේ අන්තවාදය පැතිරීම කෙරෙහි යම් යම් සීමා ඇති කිරිමට පියවර ගනු ලැබුණි.

එම තත්ත්වය තව තවත් පුලූල් කරමින් නවසීලන්ත රජය මෙම කටයුත්ත ස`දහා වසර 04 ක කාලයක් වෙනුවෙන් නවසීලන්ත ඩොලර් 17 ක් වෙන් කිරිමට නවසීලන්ත අගමැතිනිය ජසීන්ඩා ආඬේන් පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ ක‍්‍රයිස්ට්ච්ර්ච් කෝල් ලෙසිනි.

More Stories