ඇමරිකාවේ පැවති හැලෝවින් සාදයක් අවස්ථවේ සිදු වු වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් තවත් පුද්ගලයින් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි විදේස් මාධ්‍ය පවසයි.

මළවුන්ගේ දිනය සරමින් පැවැත්වෙන හැලෝවින් සාද බටහිර රටවල ඉතා ජනප්‍රිය අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලීස් නුවර ලෝන්ග් බීච් හි පැවැති හැලොවින් උත්සවයක් අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

මියගිය තිදෙනාම පිරිමි පුද්ගලයන් වන අතර ප්‍රහාරයේදී උණ්ඩ 20කට වැඩි ප්‍රමාණයක නිකුත් කර ඇතැයි මුලික පොලිස් විමර්ශන වලදි අනාවරණය වී තිබේ

ප්‍රදේශයේ නිවාස සංකීරණයක පිරිසක් සංවිධාන කර තිබු අතර මීට සියලු දෙනාම හැලොවින් ඇදුම් විලාසිතාවලින් සැරසී සිටීම හේතුවෙන් ප්‍රහාරය එල්ල කළ තැනැත්තා හදුනාගැනීම අසීරු  වී තිබේ.

තුවාල ලැබූවන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

More Stories