බ්‍රසීලයේ සාඕ පවුලේ ප්‍රාන්තයේ වාසය කරන ඒක්දරු මවක් විසින් ඉවතලන බෝතල් යොදාගනිමින් කුඩා නිවසක් ඉදිකර තිබේ. ඉවොන් මාටින්ස් නම් මෙම මව සිය ඒකම පුත්‍රයාගේ මරණයේ වේදනාව සමහන් කර ගැනීමට මෙලෙස බෝතල් නිවස තනා ඇත.

ප්‍රදේශයේ විශාල වශයෙන් ඉවත දැමූ බෝතල් විශාල ප්‍රමාණයක් දැකීමෙන් පසු නිවස ඉදිකිරීමේ අදහස මාටින්ස්ට ලැබී ඇත.

ඒ අනුව මීටර් තුනක් උස, මීටර් නවයක් පළල සහ දිග මීටර් අටක් වූ නිවස තතා තිබේ.  මාටින්ස් බෝතල් 6,000 කට වඩා  යොදාගෙන සිමෙන්ති ඇසුරෙන් මෙම නිවස නිර්මාණය කර ඇත. ඒය නිදන කාමරයක්, කොරිඩෝවක්, මුළුතැන්ගෙයක් සහ නාන කාමරයක් ඇතුලත් වේ.

ඇය කියා සිටින්නේ ඇගේ බෝතල් නිවස ඉදිකිරීම් වියදම් කපා හැරීමට පමණක් නොව පරිසරයටද උපකාරී වන බවය. මේ වන විට ඇය  නිවසට  ගෘහ භාණ්ඩ සෑදීම සඳහා වෙනත් ප්‍රතිචක්‍රීකරණය කළ ද්‍රව්‍ය ඇතුළත් කරන්නේ කෙසේද යන්න ගැන කල්පනා කරමින් සිටින බවද බ්‍රසීල මාධ්‍ය වාර්තා කරයි.

ශානි

More Stories