අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ සහයකයින් වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් හෙවත් කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදී සිදු කළ කළහකාරී සිදුවීම ලෝක නායකයින්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
වොෂින්ටන් නුවර කැපිටල් හිල් විරෝධතාකරුවන්ගේ ග්රහණයට ලක් වූයේ, අමෙරිකානු සෙනට් මණ්ඩලයේ පාලනය තීරණය කරන ජෝර්ජියා ප්රාන්ත මැතිවරණයේ ප්රතිඵල නිකුත් වීමත් සමගයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ට සහය දෙන කැරළිකරුවන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැඳී සිදු කළ මෙම ප්රහාර බොහෝ නායකයින් විස්තර කර ඇත්තේ ප්රජාතන්ත්රවාදයට එල්ල වූ දැවැන්ත ප්රහාරයක් ලෙසයි.