china china news today taiwan china news today live china news today rain india china news today china news today flood china world news china news today earthquake china news australia

චීනයේ ෂින්ජියෑන්ග් පළාතේ, කෂ්ගර් නගරයෙහි නව කොරෝනා ආසාදිතයෙකු මතුවීමෙන් පසුව, වසංගතය පැතිරීම වැළැක්වීමේ ක්ෂණික ක්‍රියාමාර්ග ගනිමින්, එම නගරය වසා දමා, එහි සිටි මිලියන 4.7ක පිරිසක් පරීක්ෂාවට ලක්කිරීමට චීනය කටයුතු යොදා තිබේ.

එහිදී රෝග ලක්ෂණ නොමැති ආසාදිතයන් 138 දෙනෙකු සොයාගැනීමට සෞඛ්‍ය බලධාරීන්ට හැකිවී ඇත. චීනය මේ වනවිට එරට තුළ නව කොරෝනා ආසාදන අනුපාතය පහත හෙළා ඇති නමුත්, වසංගතය ලොවපුරා තවම පවතින බැවින් වරින්වර මතුවන මෙවැනි ආසාදන සිද්ධීන් ක්ෂණිකව මැඩලීම සඳහා සුදානමින් සිටින බව කියයි.

ෂින්ජියෑන්ග්හී පළාත ආශ්‍රිතව සුළුතර උයිගුර් ජාතිකයන් වාසය කරන අතර, ආසාදන සිද්ධියෙන් පසුව කෂ්ගර් නගරයේ පාසල් වසා දමා තිබේ.

කිසිවෙකුට නගරයෙන් පිටවීමට අවසර ලබා නොදෙන බවද නගර බලධාරීන් කියයි.

 

More Stories