ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන කෝටි අට ඉක්මවා ඇත.

නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් එක්සත් රාජධානියේ වේගයෙන් ව්‍යාප්තවීම නිසා ලබන සඳුදා සිට එක්සත් රාජධානියෙන් සිය රටට පැමිණෙන සියලු මගීන්ට කොවිඩ් නොමැති බවට තහවුරු කිරීමේ සහතිකයක් ඉදිරිපත්කරන ලෙස අමෙරිකාව නිවේදනය කර තිබේ.

රටවල් පනහකට ආසන්න සංඛ්‍යාවක් එක්සත් රාජධානිය සමඟ ගුවන් ගමන් අත්හිටුවා ඇත.

අමෙරිකාවෙන් ආසාදිතයින් එක්කෝටි අනූ දෙලක්ෂ දහ දහස් එකසිය හැට හයක්, ඉන්දියාවෙන් එක්කෝටි එක් ලක්ෂ හැට නව දහස් අට සිට දහ අටක්, බ්‍රසීලයෙන් හැත්තැ හතර ලක්ෂ හතලිස් අට දහස් පන්සිය හැටක් , රුසියාවෙන් විසි නව ලක්ෂ අනූ දෙදහස් හත්සිය හයක් සහ ප්‍රංශයෙන් ආසාදිතයින් විසි පන් ලක්ෂ හතලිස් හත් දහස් හත්සිය හැත්තැ එකක් හඳුනාගෙන තිබේ.

ගෝලීය කොවිඩ් මරණ ගණන දැක්වුණේ දහ හත් ලක්ෂ පනස් නව දහසට ආසන්නවය.

More Stories