කැනඩාවේ හදිසියේ ම හටගත් අධික උණුසුම් කාළගුණය හේතුවෙන් ජන ජීවිතයට දැඩි ලෙස පීඩා එල්ල වී ඇති අතර මිනිසුන් මරණයට පත් වීමේ සිදුවීම්ද වාර්තා වේ. කැනඩාවේ සහ එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශවල මෙසේ අධික උණුසුමක් ඇති වී ඇත්තේ කැලිෆෝනියාවේ සිට ආක්ටික් ප්‍රදේශ දක්වා විහිදෙන අධි පීඩන උණුසුම් වාතයෙනි.
විශේෂඥයන් පවසන්නේ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙවැනි ආන්තික කාලගුණික තත්ත්වයන් ඇතිවීමේ හැකියාව පවතින බවයි. මීට පෙර, කැනඩාවේ උෂ්ණත්වය කිසි විටෙකත් 45 ॰C ඉක්මවා නොතිබුණි. මෙය කැනඩාවේ මෙතෙක් අත්විඳින ලද වාර්තාගත උණුසුම්ම කාලගුණය ලෙස සැලකේ.
කැනේඩියානු බලධාරීන් කියා සිටියේ අධික උෂ්ණත්වය සතියේ ඉතිරි කාලය තුළ අසාමාන්‍ය ලෙස ඉහළ යාමට හැකි බවයි. තාප අනතුරු ඇඟවීම් ද බොහෝ ප්‍රදේශවල ක්‍රියාත්මක වේ.
සමහර ප්‍රදේශවල හදිසි මරණ ද වාර්තා විය. වැන්කුවර් හි පමණක්, සිකුරාදා සිට පුද්ගලයින් 65 දෙනෙකු පමණ අධික තාපය නිසා අනපේක්ෂිතව මරණයට පත් වූ බව විශ්වාස කෙරේ. අධික උෂ්ණත්වය හේතුවෙන් ඇතිවෙන මරණ සංඛ්‍යාව තව දුරටත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව නිවේදනය කර ඇත.
මේ අතර, උණුසුම් තත්වය පාලනය කළ නොහැකි වී ඇති අතර ලැව්ගිනි වේගයෙන් පැතිර යන ආකාරය ද දක්නට ලැබේ. මේ නිසා ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට සිදුව ඇත. එසේම ප්‍රාන්ත කිහිපයක් මේ සතියේ පාසල් අවලංගු කරන ලදී.
පවත්නා තත්ත්වය මත වැඩිහිටි හෝ අවදානම් සහගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පවුලේ සාමාජිකයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙස එරට ජනතාවට දැනුම් දී තිබේ.