seneru

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ සෙනසුරාදා (4) ආරම්භ වූ සෙමුරු ගිනිකන්ද සක්‍රීය වීමෙන් 13 දෙනකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇත.

ඝන දුමාරයෙන් හිරු වැසීගිය බව ප්‍රදේශවාසීන් මාධ්‍ය වෙත විස්තර කර ඇත.

මේ නිසා ප්‍රදේශයේ අඳුරු සහගත තත්ත්වයක් පැතිර ගොස් ඇති බවත් වැඩිදුරටත් පැවැසේ.

නිල වාර්තා අනුව මේ සිද්ධියෙන් 57 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඇතැම් අයට දරුණු පිලිස්සීම් සිදු වී තිබේ.

ගම්මාන 11ක් පමණ අළුවලින් වැසී ගොස් ඇති අතර අවතැන් වූ පිරිස් ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානවල සහ තාවකාලික නවාතැන්වල රැකවරණය ලබති. ගිනිකන්දේ අළු මීටර් 15,000ක් පමණ ඉහළට විසිවී ඇත.

 

More Stories