changi

චන්ද්‍රයාගේ පස් සහ පාෂාණ නියැදි පෘථිවිය වෙත රැගෙන ඒමේ ප්‍රධාන අරමුණ ඇතිව පසුගිය දා චීනයෙන් ගමන් ඇරැඹූ ස්වයංක්‍රීය අභ්‍යාවකාශ යානය අඟහරුවාදා සාර්ථක ලෙස චන්ද්‍රයා මත ගොඩ බැස් වූ බව එරට ජාතික අභ්‍යාවකාශ පරිපාලන ආයතනය පවසයි.

චැන්ගි ෆයිව් ලෙස මේ යානය නම් කර ඇති අතර චීන මිත්‍යා කතාවක මේ නමින් චන්ද්‍රයා හඳුන්වයි.

1970න් පසු ලොව කිසිම රටක් චන්ද්‍රයාගේ පාෂාණ නියැඳි රැගෙන ඒමේ උත්සාහයක නිරත වූයේ නැතැයි එරට නිල ප්‍රවෘත්ති සේවය වන සින්හුවා වාර්තා කරයි.

චැන්ගි ෆයිව් ගොඩබසින ලද්දේ මෙතෙක් කිසිදු චන්ද්‍ර යානයක් ගොඩනොබසින ලද ප්‍රදේශයකටය.

මේ සඳහා සකස් කළ රොබෝ අතකින් පසු නියැඳි එකතු කිරීමටත්, එහි පෘෂ්ඨය විදිමින් පාෂාණ නියැඳියක් ද වශයෙන් කිලෝ ග්‍රෑම් 2ක් සීල් තැබූ අසුරණයක බහා රැගෙන ඒමට නියමිතය.

More Stories