මියන්මාරයේ මිලිටරි පාලනයට එරෙහිව උද්ඝෝෂණයන් සීඝ්රයෙන් දැඩි වෙමින් පවතී.
එම උද්ඝෝෂකයින්ට එරට ආරක්ෂක හමුදාව වෙඩි තබා ඇති අතර ඉන් උද්ඝෝෂකයින් 38 දෙනෙක් මියගොස් තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ හමුදා කුමන්ත්රණයෙන් අනතුරුව එරට සිදුවූ දරුණුතම සිදුවීම එය බවය.
Save the children ආයතනය ප්රකාශ කර සිටින්නේ වයස අවුරුදු 14 සහ 17 ක් වන පිරිමි දරුවන් දෙදෙනෙකු මෙහිදී මිය ගොස් ඇති බව යි.
මියන්මාරයේ එක්සත් ජාතීන්ගේ නියෝජිතයා වන ක්රිස්ටීන් ශ්රානර් බර්ජෙනර් පැවසුවේ “ඉතා දරුණු” වීඩියෝ එරටින් හමුවෙමින් ඇති බවය.
ආරක්ෂක හමුදාව රබර් සහ ජීව උණ්ඩ යොදාගෙන උද්ඝෝෂකයින්ට වෙඩි තැබූ බව ජනතාව පැවසීය.
පෙබරවාරී පළමු වන දා මියන්මාරයේ හමුදාව විසින් රට බලය අල්ලා ගැනීමෙන් පසුව සිට මියන්මාර වැසියෝ මෙම විරෝධතා ආරම්භ කළහ.