හමුදාව රැකවල් තර කිරීම නිසා සිර වී සිටි මියන්මාර් විරෝධතාකරුවන් දුසිම් ගණනක් මේ වන විට එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
තවත් සමහරු රාත්‍රියේ නිහඬ පැයවලදී පොලිස් බලය අඩුවෙද්දී පැන යෑමට සමත් වූහ.
එක් විරෝධතාකරුවෙක් බීබීසීයට පැවසුවේ දේශීය වේලාවෙන් 06:30ට පිටත්ව යා ගත හැකි වූ බවයි. ආරක්ෂක අංශ අලුයම එම ප්‍රදේශයෙන් පිටව ගොස් ඇති බව ඔහු පැවසීය.
එක් රැයකින් පුද්ගලයන් 40 දෙනකු අත්අඩංගුවට ගත් නමුත් සෙසු අය උදේ වන තුරුම සැඟවී සිටි අතර පසුව ඔවුන්ට පිටත්ව යෑමට හැකි විය.