Similar Posts
නාසි විසින් යුදෙව් සොහොන් විනාශ කරයි
ඩෙන්මාර්කයේ, රැන්ඩර්ස් නගරයේ යුදෙව් සොහොන් ගල් 84 ක් විනාශ කිරීමෙන් පසු ඩෙන්මාර්ක් පොලිසිය නව නාසි ක්‍රියාකාරිකයෙකු සහ සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 38 හැවිරිදි ජේකබ් වුලම් ඇන්ඩර්සන් ස්වීඩනයේ ද ක්‍රියාකාරී වන නෝර්ඩික් ප්‍රතිරෝධක ව්‍යාපාරයේ (එන්ආර්එම්) නායකයෙකි. ඔහුට සහ 27 හැවිරිදි සැකකරුවෙකුට බරපතල විනාශකාරී චෝදනාවක් සහ වෛරී අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. සුසාන භූමිය විනාශ කිරීම…
රොයිටර් මාධ්‍යවේදියෙක් මරුට
ඊශ්‍රායල – හමාස් ගැටුම් පිළිබඳ වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු මිය ගොස් තිබේ. තුවාල ලැබූ පිරිස අතරට අල්ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ඇතුළත් ය. ඔවුන් දකුණු ලෙබනනයේ සිට යුද්ධය පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත. මේ අතර උතුරු ගාසා තීරයේ සිට පළා යමින් සිටි සිවිල් වැසියන් පිරිසක්…
හඳුනානොගත් රෝගයක් – දැනට රෝගීන් 140ක්
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි හඳුනානොගත් රෝගයක් හේතුවෙන් පුද්ගලයින් 140 දෙනෙකු රෝහල්ගත කර තිබේ. එම රෝගීන්ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අදාළ රෝගීන් PCR පරික්ෂණ සඳහා යොමු කළද ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව වාර්තා වී ඇත. රෝගීන් අතර ළමුන් ද සිටින බව සඳහන් වේ.
ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කරයි
ඉන්දියාව සහල් අපනයනය කිරීම තහනම් කර තිබෙන බව වාර්තා වේ. වාර්තා වන්නේ සහල් අපනයනය තහනම් කිරීමට ඉන්දියාව පියවර ගැනීමත් සමග ලෝක වෙළඳපලේ සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ඉන් දැඩි බලපෑමක් ආසියා සහල් වෙළඳපලට එල්ලවී තිබේ.ඉන්දීය රජය නිවේදනය කරන්නේ ඉන්දියාව තුළ සහල් මිල පාලනය කිරීම සදහා මෙම පියවර ගත් බවයි.
තායි සම්බාහන යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට
තායිලන්ත සම්බාහන ක්‍රමවේදයක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීන්දු කර තිබේ. සුප්‍රකට තායි සම්බාහන ශිල්පය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් නම්කිරීමට කටයුතු කර ඇත. මෙම ලැයිස්තුවට සාමාන්‍යයෙන් ඇතුලු කරන්නේ අනාගත පරම්පරාව දක්වා රැගෙන යායුතු බවට සැලකෙන සංස්කෘතික උරුමයන් පමණයි. මේ අනුව, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානය තීරණය කර ඇත්තේ, තායි සම්බාහන ශිල්පයද…
ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14කට කටාර් රාජ්‍යයට ඇතුළුවීම තහනම්
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රි ලංකාව ඇතුළු රටවල් 14ක පුද්ගලයින්ට කටාර් රාජ්‍යට ඇතුලුවීම තාවකාලිව අත්හිටුවා තිබේ. ශ්‍රි ලංකාවට අමතරව බංග්ලාදේශය, චීනය, ඊජිප්තුව , ඉන්දියාව , ඉරානය , ඉරාකය, ලෙබනන්, නේපාලය ,පාකිස්ථානය, පිලිපීනය, දකුණු කොරියාව , සිරියාව සහ තායිලන්තය යන රටවල පුද්ගලයින්ට ද අදාළ තහනම පනවා තිබේ. අද(09) දින සිට මෙම තහනම ක්‍රියාත්මක වෙයි. කොවිඩ්…