නතතල් දිනයේ දී බෙල්ජියමේ ඇන්ට්ටර්ස් නගරයේ වැඩිහිටි නිවාසයකට තෑගි බෙදා දීමට ගිය නත්තල් සීයකු නිසා එම නිවාසයේ රැඳී සිටි එකසිය පනස් හත් දෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ.
ඉන් දහ අට දෙනකු මේ වන විටත් මරණයට පත් වී තිබේ.
රෝගය ආසාදනය වූ අයගෙන් එකසිය විසි එක්දෙනෙක් එහි නේවාසික වැඩිහිටියන් වන අතර ඉතිරි තිස්හය දෙනා එහි සේවකයෝ වෙති.
කෙසේ වුවත් එහි කාර්ය මණ්ඩලය ප්රකාශ කරන්නේ නත්තල් සීයා එතරම් සුවයෙන් පසු වූ බව තමන්ට නොපෙනුණු බවයි.
වැඩිහිටි නිවාසයට පැමිිණෙන අවස්ථාවේ තමන් කොවිඩ් 19 ආසාදිතයකු බව ඔහු දැන සිට නැත.