Similar Posts
බ්ලැක් පැන්තර් ජීවිත ගමනෙන් සමුගනී
සුප්‍රකට බ්ලැක් පැන්තර් හොලිවුඩ් චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් ලෙස රගපෑ චැඩ්වික් බෝස්මන් පිළිකා රෝගයෙන් මිය ගොස් තිබේ. මියයන විට ඔහු 43 හැවිරිදි පසුවිය. බෝස්මන් මහා බඩවැලේ ඇතිවූ පිළිකා තත්ත්වයක් හේතුවෙන් වසර ගණනාවක් පීඩා විඳි අයෙකි. ඔහු ලොස් ඇන්ජලීස් නුවර සිය නිවසේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් අසළ සිටියදී ඊයේ මිය ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පැය 24 ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් 60,209 ක්
ඇමරිකාවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 60,209කු වාර්තා වී ඇත. පැය 24ක කාලයේදී වයිරස ආසාදිත මරණ 1,114ක් වාර්තා වී ඇත. මේ වනවිට ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන්නේ ද ඇමෙරිකා එක්සත් ජනපදයෙනි. කොරෝනා වයිරසය මර්දනය කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය දැඩි විවේචනයට ලක්ව ඇත.
ලොව ප්රමුඛ විදෙස් ආයෝජකයෙකු ශ්‍රී ලංකාවට
ලොව නැගී එන වෙළෙඳපොළ සම්බන්ධයෙන් විශේෂඥයෙකු ලෙසින් සැලකෙන ආචාර්ය මාක් මෝබියස් මහතා එක්වන ව්‍යාපාරික සමුළුවක් එළඹෙන දෙසැම්බර් 10 දින පැවැත්වීමට නියමිතය. කොළඹ නගරයේ ඉදිවෙමින් පවතින දැවැන්ත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life විසින් මෙම ඉසව්ව සංවිධානය කරනු ලබයි. ආචාර්ය මොබියස් වසර 30 කට වැඩි කාලයක් Franklin Templeton Investments හි සේවය කළ අතර ටෙම්පල්ටන් නැගී එන…
බ්‍රිතාන්‍ය ගුවන් යානයක් නයිජිරියාව බාරයට
නයිජරියානු ගුවන් කලාපය තුළ පියාසර කළ බ්‍රිතාන්‍යයට අයත් වානිජ ගුවන් යානයක් නයිජිරියාව භාරයට ගෙන ඇති බව විදෙස් පුවත් සේවා සදහන් කරයි. කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් පනවා ඇති ගුවන් ගමන් තහනම නොතකමින් මෙසේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා බ්‍රිතාන්‍යය ගුවන් යානය ගුවන් ගත කර ඇති බව වැඩිදුරටත් සදහන් වෙයි.
වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදියා නිදහස් වෙයි
මියැන්මාර හමුදා උසාවියෙන් පසුගියදා වසර 11ක සිර දඬුවමක් නියම වූ අමෙරිකානු මාධ්‍යවේදී ඩැනී ෆෙන්ස්ටර් නිදහස් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. එරට ආගමන විගමන නීති උල්ලංඝනය කිරීම, නීතිවිරෝධි කටයුතු සහ හමුදා රජයට එරෙහිව ජනතාව උසි ගැන්වීම වැනි කරුණු කිහිපයකට ඔහු වරදකරු බව උසාවිය පසුගියදා තීන්දු කර තිබිණි. ජපාන රජයේ ඉල්ලීමක් මත පසුව ඔහු නිදහස්…