ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයේ රූකඩයක් බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.
කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පිළීබඳ WHO විසින් නිවැරදි තොරතුරු ලබා නොදුන් බව පවසන අමෙරිකානු ජනාධිපතිවරයා සදහන් කළේ ඔවුන් සෑම විටම චීනයට පක්ෂපාති ආකාරයෙන් කටයුතු කළ බවයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ අනතුරු ඇගවිමක් සිදු නොකළ බවට අමෙරිකානු ජනාධිපතිවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයට අවස්ථා ගණනාවකදී චෝදනා එල්ල කළ අතර එම සංවිධානය වෙත ලබා දෙන මූල්‍යාධාර අත්හිටුවිමටද පියවර ගනු ලැබුවේය.