සමූහ දූෂණයකට ලක්කර ඝාතනය කළ 26 හැවිරිදි පශු වෛද්‍යවරික් පිළිබද පුවතක් ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයෙන් වාර්තා වේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, වෛද්‍ය ප්‍රියංකා රෙඩ්ඩි සේවය අවසන්ව නිවෙස බලා පැමිණෙමින් සිටියදී ඇගේ යතුරුපැදියේ ටයරයක් පිළිසකර කරගැනීමට සහාය දක්වන මුවාවෙන් පැමිණි පිරිසක් මෙම ඝාතනය සිදුකර ඇති බවයි. 

ඝාතනය කර පුළුස්සා දැමූ ප්‍රියංකාගේ මෘතදේහය ඇගේ නිවසේ සිට කිලෝමීටර් 30ක පමණ දුරක දැවෙමින් තිබියදී හමුවුණේ සමස්ත ඉන්දියාවම කම්පාවට පත්කරමින්.

More Stories