australiya

කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, පසුගිය දින 14 ඇතුළත ඉන්දියාවේ සිට ආපසු පැමිණෙන කිසිම ඕස්ට්‍රේලියානුවකු එරටට බාර නොගන්නා බවත්, ඉන්දියාවේ සිට වෙනත් රටවල් හරහා ඕස්ටේලියාවට පැමිණීමට කටයුතු කරන්නේ නම්, එවැනි පුද්ගලයන්ට පස් වසරක සිරදඩුවමක් නියම වනු ඇති බවත්

ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් සඳහා තහංචි පැනැවීම ආරම්භ වන බව ඕස්ට්‍රෙලියා සෞඛ්‍ය ඇමැති ග්‍රෙග් හන්ට් පවසා ඇත.

මෙසේ තහංචි පැනැවීමක් කළ ද ඉන්දීය කොරෝනා වසංගතය හමුවේ එරට කොටුවුණු ඕස්ටේලියානුවන් විශේෂ ගුවන් යානා යොදා ගනිමින් ගෙන්වා ගෙන, ඔවුන් රටට ඇතුළු කර ගැනීමට පෙර දින 14 ක විශේෂ නිරෝධායනයකට යොමු කිරීමට ද සැලසුම් සකස් කරන බව සෞඛ්‍ය ඇමැතිවරයා පැහැදිලි කර තිබේ.

 

Similar Posts