ඉදිරි පැය 48 ක කාලය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රොකට් ප්රහාරයන් 300 කට අධික සංඛ්‍යාවක් , ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට එල්ල කර තිබෙන නිසා බව වාර්තා වේ.ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ බව හිස්බුල්ල සංවිධානය ප්‍රකාශ කළ බව සඳහන් වේ.