රාජකීය තනතුරු අත්හැර රජ පවුලෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් එලිසබෙත් මහරැජිනගේ මුණුබුරු හැරී සිය බලවත් කනගාටුව පළකර ඇත.

මේගන් සහ ආචි පුතු සමඟ ගෙවන නිදහස් දිවියක් වෙනුවෙන් රාජකීය තනතුරු අත්හැරීමට සිදුවන බවත් වෙන විකල්පයක් නොවූ බවටත් හැරී සඳහන් කර ඇත.

මෙම තීරණය නිසා බ්‍රිතාන්‍ය රජ පවුල දැඩි කම්පනයකට ලක්වීම බලවත් කනගාටුවක් යැයි ද ඔහු කීය.

හැරී පැවසුවේ, පැමිණිලි කිරීමට නොහැකි කුලවත්කම සම්බන්ධ බ්‍රිතාන්‍ය සංවේදනය පිළිගැනීමට සිදුවීම වෙහෙසකර බවයි. ‘එය නෙමේ ජීවත්වීමේ අර්ථය කියන්නේ’ යැයි ඇය වේදනාවෙන් පිළිගෙන තිබිණි.

පැපරාසීන් විසින් සිය මව වන ඩයනා කුමරිය ලුහුබැඳීම හේතුවෙන් ඇය මෝටර් රථ අනතුරකට ලක්ව මිය ගිය බවද එතැන් පටන් අද දක්වාම ඔවුන් නොනැවතී සිය පවුල පසුපස ලුහුබැඳ ඒමෙන් දැඩි පීඩාවට පත්ව සිටින බවද හැරී පැවසීය.

More Stories