ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ආසන්නයේ රිච්ටර් මාපාංක 6.0ක අගයක භූ කම්පනයක් සිදුව තිබෙනවා.
භූමිකම්පාවේ කේන්ද්‍රස්ථානය මෙල්බර්න් නගරයට ඊසාන දෙසින් කි.මී 200 ක් (සැතපුම් 124 ක්) වික්ටෝරියා ප්‍රාන්තයේ ග්‍රාමීය නගරයක් වන මෑන්ස්ෆීල්ඩ් අසල වූ අතර, එය කි.මී. 10 ක් (සැතපුම් හයක්) ගැඹුරින් ඇති ව තිබෙනවා.
කෙසේ වෙතත් මෙම භූකම්පනයෙන් සුනාමි අවධානම් තත්ත්වයක් නොමැති බවයි විදෙස් වාර්තා පවසන්නේ.
ඩෙල්ටා ප්‍රභේදය මඟින් ව්‍යාප්ත වන කොරෝනා වයිරස් පැතිරීම පාලනය කිරීමට ඕස්ට්‍රේලියාව විසින් පැනවූ අගුලු දැමීමට එරෙහි විරෝධතා මධ්‍යයේ මෙම භූමිකම්පාව සිදු විය.
බලවත් භූමිකම්පාවෙන් පසු සිදුවූ හානි පිළිබඳ ක්ෂණික වාර්තා නොමැත.
වික්ටෝරියා ප්‍රාන්ත හදිසි ඇමතුම් සේවාව පැවසුවේ මෙල්බර්න් අගනගරයේ ප්‍රදේශ කිහිපයක ගොඩනැගිලි හානි පිළිබඳ වාර්තා තිබෙන බවයි.
මෙල්බර්න් හි ජනප්‍රිය සාප්පු සංකීර්ණයක් වන චැපල් වීදියේ හානි වූ ගොඩනැගිල්ලක් හදිසි අනතුරු හා ගලවා ගැනීමේ නිලධාරින් විසින් පරීක්ෂා කරන ලදී. අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසුවේ බරපතල තුවාල ලැබූවන් පිළිබඳ වාර්තා නොමැති බවයි.