කම්මූරි සුළි කුණාටුව අද (03) අළුයම පිලිපීනයේ ලූසොන් දිවයිනෙන් ගොඩබිමට ඇතුල් විය.

කම්මූරි සුළි කුණාටුව මධ්‍යම පිලිපීනයේ ලූසොන් දිවයින ආශ්‍රිතව පැයට කිලෝමීටර් 175ක වේගයකින් හමා යමින් තිබේ.

කුණාටු අවදානමත් සමඟ කලාපයේ පාසැල් වසාදමා ඇති අතර ලක්ෂ දෙකක පමණ පිරිසක් ආරක්ෂිත ස්ථාන වලට යැවීමට පිලිපීන බලධාරීන් පියවර ගෙන තිබුණි.

පවතින වාතාවරණය සැලකිල්ලට ගනිමින් මැනිලා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් කටයුතු පැය 12ක කාලයකට අත්හිටුවා ඇති බවද විදෙස් වාර්තා සඳහන් කළේය.

More Stories