ඉන්දියාවේ මුම්බායි නගරයේ රෝහලක, කොරෝනා වෛරසය ආසාදිත ගැබිණි මව්වරුන් නිරෝගී දරුවන් සියයකට අධික සංඛ්‍යාවක් ප්‍රසූත කර තිබෙනවා.
මුම්බායි නුවර Lokmanya Tilak මහ රෝහලේ පසුගිය මාසය ඇතුළත සිදු වූ දරු උපත්වලින් 115ක් කොරෝනා වෛරසය ආසාදිත මව්වරුන් විසින් සිදු කරනු ලැබ තිබෙනවා.
එම බිළින්දන් 115 දෙනාගෙන් තිදෙනෙකුට පමණක් උපතේදීම කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණු බව පරීක්ෂණවලින් තහවුරු වී තිබෙනවා. එම ළදරුවන් තිදෙනා ද පසුව සුවය ලබා ඇතැයි එම රෝහලේ වෛද්‍යවරු සඳහන් කරනවා.