අමෙරිකානු කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හැරිමට අපෙක්ෂා කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඇරිසෝනා ප්‍රාන්තයේ මුඛ ආවරණ කර්මාන්ත ශාලාවක නිරික්ෂණ චාරිකාවටකට එක්විමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඔහු පවසා ඇත්තේ ඉදිරි කාලසීමාවේ දි නැවුම් මුහුණුවරකින් කොවිඩ් පාලන සටන සිදුකිරිමේ අපෙක්ෂාවෙන් කොරෝනා මර්දන කාර්යය සාධන බලකාය විසුරුවා හරින බවයි.

Similar Posts