දැඩි පරිසර ක්‍රියාකාරිනියක වන 16 හැවිරිදි ග්‍රේටා තුන්බර්ග් වෙනුවෙන් කුරුමිණියෙකු නම් කිරීමට කටයුතු කර තිබේ.
ස්වීඩන ජාතික පරිසර ක්‍රියාකාරිනී ග්‍රේටා තුන්බර්ග් දේශගුණ විපර්යාසවලට එරෙහිව ලොව පුරා හඬ නගන දැරියකි. පරිසර ක්‍රියාකරීන් පෙලගස්වමින් ඇය කළ සේවය අගයමින් ඇත්තේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ස්වභාව ඉතිහාස කෞතුකාගාර විද්‍යාඥයන්ගේ හවුල විසින් පසුගිය ඔක්තෝබර් මාසයේ 25වැනිදා මෙම සුවිශේෂී නාමකරණය සිදු කර තිබේ. සත්ත්ව නාමකරණය සඳහා කිසියම් තැනැත්තෙක්ගේ නාමයක් යොදා ගැනීම සැලකෙන්නේ ඉතාමත් සුවිශේෂී ගෞරවයක් ලෙසයි.
ග්‍රේටා වෙනුවෙන් මෙලෙස නම්කර ඇත්තේ නෙලොප්ටොඩෙස් ග්රේටායේ නම් කුරුමිණි විශේෂයයි.
1960 වසරේදී කෙන්යාවෙන් සොයාගත් මෙම කුරුමිණි වර්ගය මෙතෙක් කිසිදු නමකින් නම්කර නොතිබීමද විශේෂත්වයකි.
එක්සත් ජාතීන් වැනි ලොව ප්රමුඛ හමුවකදී පවා දේශන පවත්වමින් ස්වීඩන ජාතික ග්‍රේටා තුන්බර්ග් දැක්වූ දස්කම් ඇගයීමටද මෙහිදී බලධාරීන් කටයුතු කර තිබුණි.