Similar Posts
තායිලන්තයේදී හමුදා සෙබළෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මරුට(video)
තායිලන්ත නකෝන් රච්චාසිමා නගරයේදී ජැක්රපාන්ත් තොම්මා නැමැති හමුදා සෙබළා සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මිය ගියේය. සෙබළා වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය සොරකම් කර ඇත්තේ, තම අණදෙනා නිලධාරියා ඝාතනය කිරීමෙන් පසුවයි. ආරක්ෂක අංශ පැය 6ක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ප්‍රහාරකයා වෙඩි තබා ඝාතනය කර ඇති බව සදහන් වේ. https://youtu.be/TgHhG4ljtf0
චීනය අගහරු චාරිකාවක
චීනය පළමු අගහරු ගවේෂණ මෙහෙයුම ආරම්භ කළා. අභ්‍යාවකාශ ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් ලෙසයි මෙය සැළකෙන්නේ. අගහරු ග්‍රහයා මත සිටිමින් සාර්ථක මෙහෙයුමක් දියත් කිරීම චීනයේ මූලික අරමුණ වී තිබෙනවා. අගහරු ග්‍රහයාගේ විද්‍යාත්මක ස්වභාවයන් අවබෝධ කරගැනීම සිය ගවේෂණවල මූලික අපේක්ෂාවක් බව ද චීනය ප්‍රකාශ කර තිබෙනවා. මෙම ගවේෂණයට අදාළව ගුවන්ගත කළ රොකට්ටුව සාර්ථකව ස්ථානගත වූ බවද චීනය නිවේදනය…
තායි සම්බාහන යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට
තායිලන්ත සම්බාහන ක්‍රමවේදයක් ලෝක උරුම ලැයිස්තුවට ඇතුලත් කිරීමට යුනෙස්කෝ සංවිධානය තීන්දු කර තිබේ. සුප්‍රකට තායි සම්බාහන ශිල්පය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසින් නම්කිරීමට කටයුතු කර ඇත. මෙම ලැයිස්තුවට සාමාන්‍යයෙන් ඇතුලු කරන්නේ අනාගත පරම්පරාව දක්වා රැගෙන යායුතු බවට සැලකෙන සංස්කෘතික උරුමයන් පමණයි. මේ අනුව, එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා සහ සංස්කෘතික සංවිධානය තීරණය කර ඇත්තේ, තායි සම්බාහන ශිල්පයද…
රුසියානු මානව හිමිකම් ක්‍රියාකාරී ඔලෙග් ඔර්ලොව්ට සිර දඬුවම්
රුසියානු සන්නද්ධ හමුදාවන් නැවත නැවතත් අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ මානව හිමිකම් උද්ඝෝෂකයෙකු වන ඔලෙග් ඔර්ලොව් වැරදිකරු බව රුසියානු අධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව නොබෙල් සාම ත්‍යාගලාභී සංවිධානයක් වන Memorial සංවිධානයෙහි සම සභාපති වන ඔලෙග් ඔර්ලොව් හට වසර දෙකහමාරක සිර දඬුවම් නියම කර ඇති බවයි වාර්තා වෙයි. මෙය නැවත විභාගයට ගත් නඩුවක් බව සඳහන්….
තලෙයිබාන් රජය මාධ්‍ය නිදහස සීමාකර ඇතැයි චෝදනා
ඇෆ්ගනිස්තානයේ නව තලෙයිබාන් රජය ජනමාධ්‍ය නිදහස සීමා කර ඇතැයි හියුමන් රයිට් වොච් සංවිධානයේ ආසියානු කළාප අධ්‍යක්ෂිකා පැටී්රෂියා ගොස්මන් මහත්මිය පවසයි. නව රජයේ තොරතුරු හා සංස්කෘතික ඇමැතිවරයා පනවා ඇති මාධ්‍ය නීති අනුව යම් පුවතක් පළ කළ හැක්කේ ආණ්ඩුව තහවුරු කළ පුවත් පමණි. මෙම මාධ්‍ය නියාමනයන් මානව හිමිකම් උල්ලංඝණයක් මෙන්ම ජනමාධ්‍ය නිදහස සීමා කිරීමක් බවද ඇය පවසයි.