විෂබීජ නාශකයක් මිනිස් සිරුරට එන්නත් කිරීමෙන් කොරෝනා වෛරස් ආසාදනයට ප්‍රතිකාර කළ හැකිදැයි පර්යේෂණ කරන ලෙසට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද නිර්දේශයක්‌ සම්බන්ධයෙන් ඔහු මෙම දිනවල ඇමරිකානු වෛද්‍ය ප්‍රජාවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව සිටින බව විදෙස් මාධ්‍ය  වාර්තා කළහ .

ඇමරිකානු ජනධිපතිවරයා විසින්  ධවල මන්දිරයේ පැවැත්වූ දෛනික කොරෝනා කාර්යසාධන බළකායේ ප්‍රවෘත්ති සාකච්ජාවේදී මෙම විෂබීජනාශකයක් කොරෝනා ආසාදනයට ප්‍රතිකාර කිරීමේදී යොදා ගැනීම පිලිබඳ නිර්දේශය කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා විසින් කොරෝනා ආසාදිතයන්ගේ සිරුරු පාරජම්බුල කිරණවලට නිරාවරණය කිරීම සම්බන්ධයෙන් කරන ලද යෝජනාවක්ද එම ප්‍රවෘත්ති සාකච්ජාවට සහභාගී වූ වෛද්‍යවරයෙකු විසින් ප්‍රතික්ෂේප කර තිබේ .

එහෙත් එම පාරජම්බුල කිරණ කොරෝනා ප්‍රතිකාරයක් වශයෙන් යොදා ගැනීම පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් කිරීමට පෙර ඔහුගේ නිළධාරිවරයෙකු විසින් සුර්ය රශ්මිය හා විෂබීජනාශකයන් කොරෝනා ආසාදනයට හේතු වන වෛරසය මරා දැමීමට සමත් වන බව ප්‍රකාශ කර තිබිණි .

More Stories