තලෙබාන් සංවිධානයේ ප්‍රධාන නායක මුල්ලා හයිබර්තුල්ලා අකුන්ද්සාදා පළමු වරට ප්‍රසිද්ධ හමුවකට සහභාගී වී තිබේ.
ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ සිය ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකට ඔහු සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හයිබර්තුල්ලා අකුන්ද්සාදා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට ද විවිධ වාර්තා පළවී තිබුණි.