සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ප්‍රංශයේ කොවිඩ් – 19 ආසාදනයවුණු විශාලම කණ්ඩායම ප්‍රංශයේ ජර්මන් හා ස්විට්සර්ලන්ත දේශසීමා ආසන්නයේ පිහිටි මුල්හවුස් නගරයේ එවැන්ජලිස්ත දේවස්ථානයක වාර්ෂික දේව පූජාවෙන් ආරම්භ වී ඇති බවයි.
මෙම දේව මෙහෙය දින පහක් පුරා  පවත්වා තිබේ. ඒ  සඳහා බැතිමත්හු සැතපුම් දහස් ගනනක් දුර ගෙවා පැමිණ ඇත. ඔවුන්ගේ වන්දනා කැලැන්ඩරයේ  උච්චතම අවස්ථාව මෙයයි. එහෙත් මේ වතාවේදී එතැන කොරෝනා වයිරසය ආසාදිත වූවෙක් සිටියේය.

සෞඛ්‍ය විශේෂඥයින් පවසන්නේ ප්‍රංශයේ කොවිඩ් – 19 ආසාදනයවුණු විශාලම කණ්ඩායම මෙම දේව පූජාවෙන් ආරම්භ වී ඇති බවයි. මේ දක්වා තහවුරු වූ රෝගීන් 2500 ක් පමණ දෙනා එහි සිට ඇත.  මෙහිදී වයිරසය ආසාදනය වූවන්ගෙන් 17 දෙනකු මියගොස් ඇති බවද ඔවුහු පවසති.

ප්‍රංශයේ මේ වනවිට කොරෝනා වයිරසය වේගයෙන් පැතිර යන අතර රෝගීන් 40,174ක් වාර්තා වී ඇත. මරණ 2,606ක් සිදුවී තිබේ. සුව වූ සංඛ්‍යාව 7 202කි.

Similar Posts