මැතිවරණ පොරොන්දුවක් ඉටු නොකළ නගරාධිපතිවරයෙකු නගරවැසියන් විසින් මහ ම`ග බිම දිගේ ඇදගෙන යාමේ සිදුවීමක් මෙක්සිකෝවෙන් වාර්තා වේ. මෙක්සිකෝවේ, චියාපාස් ප‍්‍රාන්තයේ නගරාධිපතිවරයා මෙසේ බිම දිගේ ඇදගෙන ගොස් ඇත.

මැතිවරණ පොරොන්දුවක් ලෙස මොහු මාර්ග පිළිසකර දෙන බවත් ,පානීය ජලය හා විදුලිය ලබා දෙන බවටත් පොරොන්දු වි ඇතත් එය ඉටු නොකිරිම සම්බන්ධයෙන් කුපිත වු නගර වැසියන් පිරිසක් නගරාධිපතිවරයාව වාහනයක පිටුපස ගැට ගසා මහ ම`ග ඇදගෙන ගොස් තිබේ. මෙලෙස ඇදගෙන යන අයුරු සි.සී.ටි.වී කැමරාවකද සටහන් වි ඇති අතර එය මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වලද දැක්වේ.

මෙකි සිදුවීමට අදාලව පුද්ගලයින් 11 කු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද විදේස් වාර්තා ස`දහන් කරයි.

More Stories