news sinhala sri lanka

කොරෝනා වෛරසය ව්‍යප්තවීම පාලනය සදහා  යළි දැනුම් දෙනතුරු සියලු පාසල් වසා දැමීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.

එහෙත් විශේෂයෙන් රැකබලාගැනීමට අවශ්‍ය දරුවන් සහ අත්‍යවශ්‍ය සේවාවල යෙදී සිටින දෙමාපියන්ගේ දරුවන් රැකබලාගැනීම සදහා එම මධ්‍යස්ථාන විවෘතව තැබෙන බවයි අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සදහන් කළේ.

පාසල් වසා තැබුණද මෙම වසර සදහා නියමිත විභාගයන් කල්දැමීමක් සිදුනොවන බවයි එංගලන්තය සහ වේල්සය සදහන් කළේ.

උතුරු අයර්ලන්තය සහ ස්කොට්ලන්තයේ විභාග පැවැත්වීම පිලිබද මෙතෙක් නිශ්චිත තීරණයකට එළඹ නැහැ. බ්‍රිතාන්‍ය තුළ මේවන විට වාර්තාවන කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 2626 ක්.

මරණ 104 ක් වාර්තාවී තිබෙනවා.

Similar Posts