තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට ගිය ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට ලක්වී තිබේ.

පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා  ඇත.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ, බෝයිං 737 වර්ගයේ මේ යානාව අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ කලාපයේ දැඩි වර්ෂාපතනයක් මෙන්ම සුළං තත්ත්වයක්ද පැවැති බවයි.

අයහපත් කාලගුණය හේතුවෙන් යානාව නිවැරැදිව ගොඩබැස්සවීමට නොහැකි වූ බවත්, ධාවන පථයද ඉක්මවා ගොස් එය අනතුරට පත්වූ බවත් විදෙස් වාර්තා පවසයි.

අනතුරත් සමග ඉස්තාන්බුල් ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමුණි.

Similar Posts