Similar Posts
අමෙරිකාවේ CIA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශ (CIA) අධ්යක්ෂ ජිනා හස්පෙල් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තම ධුර කාලය තුළ ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට ලැබීම පිළිබඳ තමා සතුටට පත්වන බව ද ඇය සිය නිවේදනයෙන් සඳහන් කර තිබේ.
ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සහ මරණ ගතවූ පැය 24 දී වාර්තා වෙයි
නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භවීමෙන් පසුව ලොව රටවලින් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා විය. ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ලොව රටලින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 88,444 ක්. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් හඳුනා ගැනුණේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව ලක්ෂ 03 කටත් අධිකයි. ඊට අමතරව බ්‍රසිලයෙන්…
හඳට ගිය චැන්ගි ෆයිව් සාර්ථකව ගොඩ බසී
චන්ද්‍රයාගේ පස් සහ පාෂාණ නියැදි පෘථිවිය වෙත රැගෙන ඒමේ ප්‍රධාන අරමුණ ඇතිව පසුගිය දා චීනයෙන් ගමන් ඇරැඹූ ස්වයංක්‍රීය අභ්‍යාවකාශ යානය අඟහරුවාදා සාර්ථක ලෙස චන්ද්‍රයා මත ගොඩ බැස් වූ බව එරට ජාතික අභ්‍යාවකාශ පරිපාලන ආයතනය පවසයි. චැන්ගි ෆයිව් ලෙස මේ යානය නම් කර ඇති අතර චීන මිත්‍යා කතාවක මේ නමින් චන්ද්‍රයා හඳුන්වයි. 1970න් පසු ලොව කිසිම…
දූෂිතයකුට සමාව දී හංගේරියාවේ ජනපතිනිය ඉල්ලා අස් වෙයි
ළමා ලිංගික අපයෝජන සිදුවීමකට සම්බන්ධව බන්ධනාගාරගත වී සිටි පුද්ගලයකුට සමාව දී නිදහස් කිරීම හේතුවෙන් ජනතා විරෝධයට ලක්වූ හංගේරියාවේ ජනාධිපතිනිය කැතලින් නොවැක් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කර ඇතැයි වාර්තා වේ. පසුගියදා රූපවාහිනියෙන් ජාතිය අමතා ඇය සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. හංගේරියාවේ පළමු කාන්තා ජනපති ලෙස ඉතිහාසයට එක්…
මාධ්‍යවේදිනී සෞම්‍යා, ඝාතකයන්ට දඬුවම්
මාධ්‍යවේදිනී සෞම්‍යා විශ්වනාදන 2008 වර්ෂයේ දී ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හතර දෙනකුට ඉන්දියාවේ දිල්ලි අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. එම ඝාතනයේ පස්වැනි වරදකරුට වසර 03ක සිරදඬුවමක් නියම කර තිබේ. මෙලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූයේ රවී කපූර්, අමිත් ශුක්ලා, බල්ජීත් මලික් සහ අජේ කුමාර් යන සිව්දෙනාටය. අජේ සෙති හට වසර තුනක සිරදඬුවම…
කොරියානු පසමිතුරෝ මිසයිල අත්හදා බලති
උතුරු කොරියාව සහ දකුණු කොරියාව බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදු කිරීම හේතුවෙන් ලොව වඩාත්ම අස්ථාවර කලාපය ලෙස සැලකෙන කොරියානු කලාපයේ උණුසුම ඉහළ ගියේය. මුලින්ම උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සිදු වූ අතර, ඉන් දෙකක් කොරියානු අර්ධද්වීපයේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයට පතිත වූ බව ජපාන වෙරළාරක්ෂක හමුදාව තහවුරු කළේය. එම අවස්ථාවට දකුණු කොරියානු ජනාධිපති මුන්…