යුරෝපීය නීතිය උල්ලංඝනය කරමින් මැලේසියා එයාර්ලයින්ස් එම්එච් 17 ගුවන් යානය කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු භාර දෙන ලෙස ලන්දේසි ඉල්ලීම රුසියාව ප්‍රතික්ෂේප කර ඇති බව නීතිඥවරු ප්‍රකාශ කළහ.

යුක්‍රේන ජාතිකයෙකු වන වොලොඩිමියර් සෙමාක් නෙදර්ලන්තය විසින් සැකකරුවෙකු ලෙස හඳුනාගෙන ඇත.

2014 ජුලි 17 වන දින මැලේසියා එයාර්ලයින්ස් එම්එච් 17 ගුවන් යානය කඩා වැටි යානයේ සිටි 298 දෙනා ජීවිතක්ෂයට පත්විය. ඒම මගීන්ගෙන් තුනෙන් දෙකක් ලන්දේසි ජාතිකයෝ වූහ.

නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදී බෙදුම්වාදීන් විසින් අල්ලාගෙන සිටි භූමියට ඉහළින් එම්එච් 17 ගුවන්යානය ගමන් කරද්දි  වෙඩි තබා තිබුණි. ඒම අවස්ථාවේ ගුවන් යානය   ඇම්ස්ටර්ඩෑම් සිට ක්වාලාලම්පූර් දක්වා පියාසර කරමින් තිබි ඇත.

නැගෙනහිර යුක්රේනයේ රුසියානු පිටුබලය ලබන බෙදුම්වාදී හමුදාවේ හිටපු අණ දෙන නිලධාරියෙකු ලෙස යුක්රේනයේ ආරක්ෂක සේවය විසින් හඳුනාගෙන ඇති ට්සමාක්, සැප්තැම්බර් මාසයේදී මොස්කව් සහ කියෙව් අතර සිරකරුවන් හුවමාරුවකදී රුසියාවට මාරු කරනු ලැබීය.

ලන්දේසි නඩු පවරන්නන් කියා සිටියේ සෙමාක් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා ඔහුව නෙදර්ලන්තයට භාර දෙන ලෙස මොස්කව්ගෙන් ඉල්ලා සිටි නමුත් නොවැම්බර් 19 දා නොතීසියක් ලැබුනේ ඔහු සිටින ස්ථානය නොදන්නා නිසා රුසියාවට එයට එකඟ විය නොහැකි බවයි.

More Stories